ත්‍රිමාන මුද්‍රණයෙන් හැදූ ලොව පළමු පාලම



නවීන තාක්ෂණයේ අරුමයක් යැයි සැලකිය හැකි ත්‍රිමාණ මුද්‍රණ කලාව අද නොයෙක් නොයෙක් නිර්මාණ සඳහා යොදා ගැනෙයි. කෘත්‍රිම අත්වල සිට නොයෙක් නොයෙක් නිර්මාණ ත්‍රිමාණ මුද්‍රණයෙන් බිහිවෙයි. ඒ අනුව ත්‍රිමාණ මුද්‍රණයෙන් නිර්මාණය වුණු ලොව පළමු කුඩා පාලම ගැන පසුගිය දා වාර්තා විය. ඒ, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරිනි.

ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර ඇල්කොබෙන්ඩාස් පළාතේ කැස්ටලීනා දෙ මන්චා නමැති උද්‍යානයේ කුඩා දිය පහරකට ඉහළින් ත්‍රිමාව මුද්‍රණ තාක්ෂණය යොදා නිමින් මෙම කුඩා පාලම ඉදිකිරීමට කටයුතු කළේ කැටොලිනා වස්තු විද්‍යා ආයතනයයි. කැටොලිනා වස්තු විද්‍යා ආයතනය ඔවුන්ගේ ඉදිකිරීම් සඳහා සැමවිටම නව තාක්ෂණය භාවිතයට ගනී. ඔවුන් ඉදිරියේ දී ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් ඉදිකිරීම් රැසක් කිරීමට ද බලාපොරොත්තු වෙයි. මෙම කටයුත්තට සිවිල් ඉන්ජිනේරුවන් පමණක් නොව මැඩඞ්රිඞ් නගරසභා බලධාරීන් එක්වුණු බව ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කරයි.

පරිගණක සහ ස්කෑන් යන්ත්‍ර භාවිත කරමින්, ඩිජිටල් ක්‍රමයකට, ත්‍රිමාන ඝන වස්තූන් නිර්මාණය කිරීම ත්‍රිමන මුද්‍රණයයි. අපි සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින් (ප්‍රින්ටරයකින්) කෙළයක් මුද්‍රණය කර ගන්නවා සේ මෙහිදී සිදුවන්නේ කිසියම් ඝන වස්තුවක් මුද්‍රණය කිරීමය. ස්කෑන් කර පරිගණක ගත කළ ඕනෑම වස්තුවක්, පියවරෙන් පියවර ක්‍රමානුකූලව මුද්‍රණය කිරීම සිදුවෙයි. ඒ, පරිගණකයට සම්බන්ධ කළ රොබෝ යන්ත්‍ර හරහාය. ලී, මැටි, කොන්ක්‍රීට්, ප්ලාස්ටික් ආදී ඕනෑම මාධ්‍යක අවශ්‍ය වස්තුව මුද්‍රණය වෙයි. විශාල වස්තුවක් නම්, එය එකලැස් කිරීමට පහසු වන ආකාරයට කොටස් කිහිපයකට මුද්‍රණය කර ගැනීම කළ හැකිවෙයි.

 

උද්‍යාන පාලම

කැස්ටලීනා දෙ මන්චා උද්‍යානයේ කුඩා දිය පහරට ඉහළින් ඉදි කෙරුණු අඩි 40 ක් උසකින් යුත් මෙම පාලම පසුගිය දා විවෘත කෙරුණි. කැටොලිනා සමාගමේ තාක්ෂණ ශිල්පීන්, ඉන්ජිනේරුවන්, ස්පාඤ්ඤ රජයේ උසස් නිලධාරීන් සහ මැඞ්රිඞ් නුවර බලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ. ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයනේ නිර්මාණය කළ පළමු පාලම විවෘත කිරීමේ අවස්ථාව ලොව මාධ්‍ය රැසක අවධානය දිනා ගැනීමට ද සමත් විය. 

පරිගණක උපයෝගී කර ගනිමින්, ත්‍රිමාන ආකාරයට මෙම පාලන කොටස් අටකින් මුද්‍රණය විය. පරිගණකයෙන් ලැබු උදෙස් මත පාලන තැනීම සිදුවූයේ රාබෝ තාක්ෂණයෙනි. ඊට කොන්ක්‍රීට් කුඩු සහ පොලිපොප්‍රින් යොදා ගෙන ඇත. එහෙයින් පාලම ශක්තිමත් මෙන්ම දැඩි තාපයකට ද ඔරොත්තු දෙයි. ‘අඩු වියදමකින් අඩු මිනිස් ශ්‍රමයකින් තමයි අප මේ පාලම ඉදිකළේ. මේ පාලන ඉක්මනින් ඉදි කළ එකක්. ඒ වගේමයි හරිම ශක්තිමත්. අප මේ පාලම නි්මාණයට ඉදිකළ අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට ලක් කරන්නත් පුළුවන්. ඒවා පරිසරහිතකාමීයි. මෙයයි අනාගතය. මෙය සිවිල් ඉන්ජිනේරු තාක්ෂණයේ නව පියවරක්.’ යැයි පාලම ඉදිකළ නිර්මාණකරුවෝ මාධ්‍ය හමුවේ කියා සිටියහ.

 

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS