ට්‍රම්ප් පදනම වහන්න යයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සමාජ සේවා සහ පුණ්‍යායතනයක් ලෙස ද සැලකෙන ‘ට්‍රම්ප් පදනම’ වසා දැමීමට තීරණය කර ඇත.

පුණ්‍යායතනය මෙසේ වසා දැමීමට තීරණය කෙරුණේ එහි මුදල් නීතිවිරෝධී ආකාරයට භාවිතා කරනවා යැයි චෝදනා එල්ල වීම හේතුවෙනි. පුණ්‍යායතනය වසා දැමීමට තීරණය කර ඇත්තේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බව ද පැවැසෙයි.

පුණ්‍යායතනයේ මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත්තේ නිව්යෝක් නීතිපතිවරිය වන බාබරා අන්ඩර්වුඞ්ය.

ට්‍රම්ප්ගේ පළමු සහ දෙවැනි කසාදවල දරුවන් වන මෙලානියා, ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් යන තිදෙනා පුණ්‍යායතනයේ මුදල් අයථා ලෙස පෞද්ලගලික පරිහරණයට යොදා ගන්නා බවටත් එම මුදල් භාවිත කරමින් දේශපාලනික වාසි ලබා ගැනීමට උත්සාහ ගන්නා බවටත් නීතිපතිනී බාබරා අන්ඩර්වුඞ් චෝදනා ගොනු කර ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS