ගායකයෙක් රත්‍රං මස් කයි



කුවේටයේ ප්‍රසිද්ධ ගායකයෙක් වන ඉසා අල්-මර්සූන් රත්‍රං ආලේපිත මස් ආහාරයට ගන්නා වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවියකටඑක්කිරීම හේතුවෙන් කතා බහක් ඇති වී ඇති බව වාර්තා වේ.

“මට රත්‍රං හදවතක් තියනවා කියලාඅම්මා නිතරම කියනවා’’ යනුවෙන් ප්‍රකාශ කරමින් අවන්හලකදී මස් ආහාරයට ගෙන ඇත.

සමාජ ජාල පරිශිලකයනගෙන් එල්ල වු විරෝධතාවය හේතුවෙන් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමෙන් වීඩියෝව ඉවත් කිරීමට ගායකයා කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS