කොටියකුටත් කොරෝනා



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බ්‍රොන්ස් සත්වෝද්‍යානයේ ව්‍යාඝ්‍ර ධේනුවකට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරු කියති.

ව්‍යාඝ්‍රයා ධේනුව කහිමින් හිටිහැටියේ අසනීප වූ බැවින්, වෛද්‍යවරු ඌ පරීක්ෂා කර ඇත. එහිදී ව්‍යාඝ්‍රයා ධේනුව කොවිඞ් 19 ආසාදිතයකු බව තහවුරු විය.

කොවිඞ් 19 වයිරසය නිවෙස්වල සුරතලයට ඇති කරන බල්ලන් සහ බළලුන්ට ආසාදනය වන බව මේ වනවිට තහවුරු වී තිබේ.

සත්වෝද්‍යානයක කූඩු කළ සතකුට කොරෝනා ආසාදනය වූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. වයිරසය ආසාදනය වී ඇත්තේ අවුරුදු 4 ක් වයසැති නාඩියා නමැති ව්‍යාඝ්‍ර ධේනුවට යැයි සත්වෝද්‍යාන බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

නිව්යෝක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS