කාලගුණ වාර්තාකරු සුළඟට ගහගෙන යයි



අයර්ලන්තයේ ‘ටීවී3’ පුවත් නාළිකාවේ කාලගුණ වාර්තාකරු ඩෙරික් හාටිජන්, එළිමහනේ සිට සජීවී කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරද්දී, ප්‍රචණ්ඩ සුළඟට හසුවී ගසාගෙන ගියේය.

මෙය කැමරාවේ සටහන් වූ අතර, පුවත් ඉදිරිපත් කළ මාධ්‍යවේදීන්ගේත් එය නැරැඹූ දහස් ගණනක් දෙනාගේත් හාස්‍යයට හේතුවක් විය.

ඩෙරික් හාටිජන් මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ දැඩි සුළං සහිත කාලගුණයක් ගැන ජනතාවට අනතුරු අඟවමින් සිටිද්දීය.

(එන්.ඩී.ටීවී.)

https://youtu.be/XWEsBfMviwE


RECOMMEND POSTS