කනට ගහලා



රියාද් නුවර මාර්ගයක් පිරිසිදු කරමින් සිටි කම්කරුවෙකුට වයස අවුරුදු තිහක පමණ පුද්ගලයෙක් අතුල් පහරක් දී ඇති බව වාර්තා වේ.

කම්කරුවාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කිරීමට අසල සිටි පුද්ගලයෙක් කටයුතු කර ඇති අතර පහරදීම සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් අතර කථාබහක් ඇති වී ඇති බව වාර්තා වේ. 

පහර දුන් පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව රියාද් නුවර මහනගර සභාව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS