උඩුගුවනේදි නිදා ගත් ගුවන් නියමුවාට වැඩ වරදී !



පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක ජ්‍යේෂ්ඨ නියමුවෙකු රාජකාරී වේලාව තුළ නිදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ගුවන් සේවා සමාගම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මගීන් 300කට වැඩි පිරිසක් රැගත් පකිස්ථාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉස්ලාමාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබෙන අතරතුර  එම නියමුවා මෙලෙස නිදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ ගුවන් නියමුවා වන කපිතාන් ආමීර් අක්තාර් හෂ්මි  විසින් පැය දෙක හමාරක පමණ කාලයක් නිදාගෙන ඇති අතර යානයේ ගමන් ගත මගීයෙකු එය දැක ලිඛිත පැමිණිලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය සිද්ධිය සම්බන්ධයෙන් එම ගුවන් නියමුවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මුලින් අකමැත්ත පළ කර තිබේ.කෙසේවෙතත් පසුව පකිස්ථාන ජනාධිපතිවරයාගේ සහ එරට ගුවන් නියමු සංගමයේ දැඩි බලපෑම මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS