ඉන්දියාවේ මීයෝ මත්පැන් ලීටර් මිලියනයක් බීලා



රාජසන්තක කර තිබූ මත්පැන් ලීටර දහස් ගණනක් මීයන් විසින් පානය කරනු ලැබ ඇති බව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසයි.

පසුගිය වසරේ පටන් බිහාර් ප්‍රාන්තය පුරා මත්පැන් තහනමක් ක්‍රියාත්මක වෙයි. එවක් පටන් පොලිසිය හදිසි වැටලීම් දියත් කරමින් සිටින අතර මේ දක්වා රාජසන්තක කරන ලද මත්පැන් ප්‍රමාණය ලීටර 900,000කට අධික ය.

බිහාරයේ පට්නා නගරයේ පොලිස් ප්‍රධානී මනු මහරාජ් කියා සිටියේ රාජසන්තකයේ පවතින එම මත්පැන් තොගයෙන් වැඩි ප්‍රමාණයක් මීයන් විසින් පරිභෝජනය කරනු ලැබ ඇතැයි පොලිස් පරීක්‍ෂකවරුන් තමන්ට දැ මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස බිහාර් පොලිසිය නියෝග කර තිබේ.

බිහාර් ප්‍රාන්තයේ වත්මන් මහ ඇමතිවරයා බලයට පත්වූ වහාම තම ප්‍රාන්තය පුරා මත්පැන් තහනමක් ප්‍රකාශයට පත් කළේය.ගෘහස්ත හිංසනය සහ දිළිඳුකම මැඬලීමේ අරමුණින් මෙම තහනම ක්‍රියාත්මක විය.අනතුරුව දියත්වූ පොලිස් වැටලීම් මගින් පුද්ගලයන් 40,000ක් පමණ අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් සතුව තිබූ මත්පැන් තොග රාජසන්තක කරන ලදී.

නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම සඳහා රඳවා ගනු ලැබූ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් පොලිස් ස්ථාන තුළ ගබඩා කෙරුණු අතර ඒ සඳහා පෞද්ගලික ගබඩා පවා කුලියට ගැනීමට ඇතැම් පොලිස් පොලිස් ස්ථානවලට සිදු විය.රාජසන්තක කරන ලද මත්පැන් තොග නිතිපතා විගණනයකට ලක්කරන ලෙස බිහාරයේ පොලිස් ස්ථානවලට මේවනවිට නියෝග කර තිබේ.

පට්නා නගරයේ පොලිස් ප්‍රධානී මනු මහරාජ් 'ද හින්දු' පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ මත්පැන් පානයකර සිටින පොලිස් නිලධාරීන් අල්ලා ගැනීමට ද පරීක්ෂාවන් සිදු කෙරෙනු ඇති බවය.බිහාර් ප්‍රාන්තයේ නීතිය අනුව මත්පැන් විකිණීම හෝ පානය කිරීම, දස වසරක සිර දඬුවම් හිමිවන වරදකි.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS