අශ්වයා මිලදී ගත්තැයි අඩු කුලයේ තරුණයා මරලා



අශ්වයකු මිලදී ගැනීමේ වරදට, ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අඩු කුලයේ (දාලිත්) තරුණයකු පහර දී මරා දමා ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

අශ්වයන් මිලදී ගෙන ලඟ තබා ගැනීම හෝ අශ්වයන් පිට යෑම හෝ දාලිත් කුලයේ වැසියන්ට අකැපය. අශ්වයන් මිලදී ගැනීම සහ ඇති කිරීම පමණක් නොව, අශ්වයන් පිට යෑම සාම්ප්‍රදායික ඉන්දීය සමාජයේ උසස් තත්ත්වය පෙන්වන සංඛේතයකි.

මරණයට පත්වුණු දාලිත් තරුණයා හොඳ අධ්‍යාපනයක් ලබා, සාර්ථක ගොවියකු බවට පත්වුණ අයෙකි. තරුණයාට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉහළ කුලයේ තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

මියගිය තරුණයාගේ පියා පවසා ඇත්තේ, අශ්වයා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔහු පුතුට දැඩි ලෙස විරෝධය දැක්වූ බවය. ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ පුතාගේ මිනීමරුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වේවි යැයි විශ්වාස කළ නොහැකි බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS