අමුතු කිඹුලා !



ශරීර පිස්නා 870 ක් භාවිත කරමින් කිඹුලෙකුගේ රුවක් නිර්මාණය කළ ශිල්පීන් කණ්ඩායමක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තාවේ.

ඉන්දියාවේ මහරාෂ්ත්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ වාසය කරන ඔරිගාමී ශිල්පීන් කණ්ඩායමක් ශරීර පිස්නා භාවිත කරමින් මෙම අපූරු කිඹුලා නිර්මාණය කළහ.

ඔවුන් මෙලෙස නිර්මාණය කර තිබෙන්නේ වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින සියම් කිඹුලෙකුගේ රුවක්.අඩි 51ක් දිගැති නිර්මාණය සඳහා ශරීර පිස්නා  870ක් පමණ යොදාගෙන තිබුණි.

අදාළ නිර්මාණය සම්පූර්ණ කිරීම සඳහා පැය තුනක කාලයක් ගතවී ඇති අතර ඔරිගාමි ශිල්පීන් හත්දෙනෙක් ඊට දායකවී තිබුණි.

මේ තුළින් නව ඉන්දීය වාර්තාවක් බිහිකිරීමටත් එම පිරිස උත්සහ දරා ඇතැයි සඳහන්.වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින සියම් කිඹුලන් පිළිබඳ සමාජය දැනුවත් කිරීම මෙම නිර්මාණයෙන් අපේක්ෂා කරයි.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS