වකුගඩු වලට හානිවන වැරදි පුරුදු 8ක්



වකුගඩු කියන්නේ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය අවයවයකි. එය නිරෝගීව පවත්වාගෙන යා යුතුය. වකුගඩු මගින් දිනපතා රුධිරය පිරිසිදු කරනු ලබයි. රුධිර පීඩනයට අවශ්‍ය රෝමෝන නිපදවීම, ශරීරයට අවශ්‍ය විද්‍යුත් විච්ඡේදන ප්‍රමාණයන් නියාමනය කිරීම, අස්ථි ශක්තිමත්ව පවත්වාගෙන යෑම, ලේවල එකතුවෙන අපද්‍රව්‍ය ඉවත්කිරීම ආදිය වකුගඩු මගින් සිදුකරයි

එහෙත් වැඩි දෙනා එම වටිනා අවයවය ආරක්ෂා කර ගැනිම ගැන දක්වන උනන්දුව අල්පය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර නොයෙකුත් වැරදි ක්‍රියාවල යෙදෙන නිසා වකුගඩුවලට විශාල වශයෙන් හානි සිදුවේ.  එවැනි වැරදි පුරුදු 8ක්  පහතින් දක්වන්නෙමු.

 

1.         දිගුවේලාවක් මුත්‍රා නොකර සිටීම

මුත්‍රාශයතුල දිගුවේලාවක් මුත්‍රා රදවාගෙන සිටීම වකුගඩු රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන තත්වයකි.

2.         ශරීරයට අවශ්‍ය ප්‍රමාණවත් ජලය පානය නොකිරීම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය සදහා ජලය අත්‍යාවශ්‍ය සාධකයකි. ප්‍රමාණවත් ජයල පානය නොකිරීම හේතුවෙන් වකුගඩු තුල  විෂ ද්‍රව්‍ය එකතුවීමක් සිදුවේ. එම නිසා එම විෂ ද්‍රව්‍ය ප්‍රමාණවත් ආකාරයෙන් ඉවත් කිරීමට නොහැකි වේ. ජාතික වකුගඩු පදනමට අනුව දිනකට ජල විදුරු 12ක පානය කල යුතුය බව නිර්දේශ කර ඇත.

3.         අධික ලුණු පරිභෝජනය

අපේ ශරීරයට ප්‍රමාණවත් මට්ටමකට ලුණු අවශ්‍යෙවේ. නමුත් එම සීමාව ඉක්මවා ලුණු භාවිතා කරන්නේ නම් එය ශරීර සෞඛ්‍යට අහිතකරවේ. මේ නිසා අධික රුධිරපීඩනය හා වකුගඩු ආශ්‍රිත රෝග හටගැනීමේ අවධානමක් ඇතිවේ. සම්මත ප්‍රමාණය නම් දිනකට ග්‍රෑම් 5.8ක් වේ

4.         නිරන්තර ඖෂධ ලබාගැනීම

රෝගීවන අවස්ථාවන් වලදී එය සුවකරගැනීම සදහා බෙහෙත් ලබාගැනීම සාමාන්‍ය දෙයක්, නමුත් අධික වශයෙන් බෙහෙත් ලබාගැනීම මගින් වකුගඩු රෝග ඇතිවීමේ අවධානමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එම බෙහෙත් මගින් අතුරු ආබාධ අතිවීමට ඉඩකඩ ඇත. මේ නිසා අප විසින් කල යුත්තේ සැම විටම නිරෝගීම සිටීමට උත්සහ කිරීමයි. අඩුම වශයෙන් සතියකට සැරයක්වත් හෝ ව්‍යායාමවල නිරතවීමට පුරුදු වන්න.

5.         ප්‍රෝටීන් බහුල ආහාර

ප්‍රෝටීන ශරීරයට අවශ්‍ය බව අප කවුරුත් දන්නා කරුණකි, නමුත් අධිකව ප්‍රෝටීන් බහුල සත්වමය ආහාර ලබාගැනීම වකුගඩු රෝග වැලදීමේ අවධානමක ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මගින් කරන ලද පරියේෂණයකදී ඔවුන් විසින් සොයාගෙන  තිබෙනවා ආහාර දිරවීමේදි ප්‍රෝටීන මගින් ඇමෝනිය අම්ල වර්ගයක් නිකුත් කරන බව. මෙම අම්ල වර්ගය වකුගඩු වලට බලපෑම් එල්ල කරන බව එම පරියේෂණයේදි ඔප්පුවී ඇත්තේ.

6.         අධික මද්‍යසාර භාවිතය

මධ්‍යසාර භාවිතා කිරීමේදි මධ්‍යසාරතුල විෂකාරක ද්‍රව්‍ය අඩංගුය. එම නිසා මධ්‍යසාර භාවිතාකිරීමේදි අධිකව පානය කිරීමෙන් වලකින්න. ඔබ මධ්‍යසාර භාවිතයෙන් තොරවීම ඔබේ සෞඛ්‍යට වඩාත් හිතකර වේ.   

7.         අධිකව කැෆේන් ලබාගැනීම

කැෆේන් අධිකව ලබා ගැනීම වකුගඩු රෝගි ඇතිවීමට බලපානු ලැබේ. බොහෝ පැණිබීමවල මෙම කැෆේන් නැමති  රසායනිකය අඩංගුය. දවසකට කැෆේන් අඩංගු බීම වර්ග කොප්ප දෙක තුනක් පානය කිරීම ඉතා අනතුරු දායක තත්වයකට ඔබව පත්කරයි.

8.         ආසාදන නොසලකා හැරීම

ශරීරය තුල ඇතිවන යම් යම් ආසාදන තත්වයන් නොසලකා හැරීම වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමට හේතුවේ. සමහර අවස්ථාවන් වලදී මෙම ආසාදන තත්වයන් පෙන්නුම් කරනු ලබන්නේ වකුගඩු වල පෙර රෝගී තත්වයනි විය හැකි. එම නිසා එවැනි ආසාදන තත්වයන් ඇති වුවහොත් හැකිතාක් දුරට වෛද්‍ය උපදෙස් පිලිපදින්න.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අන්තර්ජාලය ඇසුරෙනි)


RECOMMEND POSTS