මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වඩවන ජලය



මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වර්ධනයට සේම ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා ජලය ඉතාමත් වටිනා කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවාද? දිනකට පිරිසුදු පානීය ජලය අවශ්‍යතාවෙන් අප කෙතරම් ප්‍රමාණයක් සම්පූර්ණ කරනවාද? 

 

මිනිස් සිරුරට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය නියමිත, නිවැරැදි වෙලාවලදී ගත් විට අපට සැලසෙන වාසි ඔබ දන්නවාද? 

 

 

01) උදෑසන අවදි වූ පසු ජලය වීදුරු 02ක් පානය කරන්න.

රාත්‍රී නින්දට ගිය පසු අප අවදි වන තෙක්ම බොහෝ වෙලාවක් කිසිදු  ආහාරයක්, පානයක්  ගෙන නැත. අවදි වූ විගසම ජලය වීදුරු 02ක් පානය කරන්න. එය අපගේ සිරුරේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයට මනා පිටිවහලක් වේ.


02) ආහාර ගැනීමට ප්‍රථම එක් ජලය වීදුරුවක් පානය කරන්න.
මෙමගින් අප ගනු ලබන ආහාරය මනාව ජීරණය වේ. ආහාර දිරවීමේ ගැටලු ඇති අයට මෙය සුදුසු පිළියමකි.


03) නෑමට ප්‍රථම ජල වීදුරුවක් පානය කරන්න.
මෙමගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් මිදීමට ඔබට හැකිවේවි.


04) නින්දට යාමට ප්‍රථම එක් ජල වීදුරුවක් පානය කරන්න.
මෙ තුළින් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඔබ නිති සුරැකේ.

 

( අන්තර්ජාලය ඇසුරෙනි)
සටහන - මාධවී ධර්මරත්න.


RECOMMEND POSTS