ප්‍රථමාධාර දැනුම වැදගත් වන්නේ ඇයි?



ඔබ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී නිවසේදී, පාසලේදී, රැකියාව කරන ස්ථානයේදි එසේ නැතිනම්  පාරේ ගමන් කරනවිට  හදිසි අනතුරු වලට මුහුණදී ඇති, එම අවස්ථාවලදී (අනතුරේ ස්වභාවය අනුව) මුලින්ම ඔබට සිහියට නැගෙන්නේ

  • මම මොකක්ද කරන්නේ?
  • මම මොකක්ද කළ යුතු නිවැරදි දේ?
  • කොහොමද මම ඒක කරන්නේ? වැනි ප්‍රශ්නය.

ඒ වගේම, ඔබට මුහුණදීමට සිදුවු තත්වය දරුණු වුවහොත් ඔබට සිහිවන්නේ කොහොමද මගේ / අනිත් අයගේ ජීවිතය බේරාගන්නේ කියන සිතුවිල්ලයි.

මේ සියලු ප්‍රශ්න සදහා ඔබට උත්තර නැතිවුවහොත් එය ඉතාම කනගාටුදායක තත්වයකට පත්විය හැක. එමනිසා අපට යම්තාක් දුරකට ප්‍රථමාධාර පිළිබද යම් දැනුමක් ඇත්නම් මෙම තත්වයන් කළමණාකරණය කරගැනීමේ හැකියාවක් ඔබට ඇත.

එයින් අදහස් වන්නේ, හදිසි අනතුරු අවස්ථාවට අනුකූල වන අයුරින් කළයුතු /නොකළයුතු දේවල් තමා විසින්ම කළමණාකරණය කරගැනීමේ හැකියාව ප්‍රථමාධාර දැනුම ඇති පුද්ගලයෙකු සතුව පවතින බවයි.

ප්‍රථමාධාර දැනුම තුළින් මෙම අවස්ථාවළට නිවැරදි ආකාරයෙන් මුහුණ දීමට ඔබට හොද ආත්ම විශ්වාසයක් ලබාදෙයි.

මුලින්ම අප විසින් ප්‍රථමාධාරයක් යනු කුමක්ද? කියනදේ දැනගැනීම ඉතා වැදගත්වේ. නිවැරදිවම නිර්වචනය කිරීම ඉතාමත් සංකීර්ණ දෙයක්, විවිධ ආර්ථකථන රාශියක් ඇත. නමුත් පොදුවේ සැලකුවිට;

ප්‍රථමාධාරයක් යනු යම් හදිසි තත්වයකදී එම හදිසි තත්වයට භාජනයවූ පුද්ගලයාත් තමාත් (උදව්කිරීමට පැමිණි පුද්ගලයාත්) එම තත්වයෙන් මිදි, අවට පරිසරයේ ඇති දේවල් උපයෝගි කරගනිමින්, හදිසි අනතුරට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ රෝහලකට යොමු කිරීමයි.

මෙහිදී විශේෂයෙන් අප මතක තබාගත යුතු කරුණක් වන්නේ ප්‍රථමාධාර දැනගත් පමණින් තමා වෛද්‍යවරයෙකු නොවන බවය. මක්නිසාදයත් ඔබ යම් දේවල් නිසි දැනුමක් නොමැතිව කිරීමට යෑමේදි තිබෙන තත්වයට වඩා දරුණු තත්වයකට පත්වීමේ අවදානමක් ඇතිවිය හැක.

එම නිසා මෙවැනි අවස්ථාවලදී ඔබ විසින් කළ යුත්තේ තිබෙන තත්වය හැකීතාක් දුරට පාලනය කර අනතුරට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා යොමු කිරීමයි. 

අනිත් කරුණ වන්නේ සිදුවූ දේ නිවැරදිව හදුනාගැනීම ඉතාම වැදගත්වේ. එසේ නොවුනහොත් තමාගේ ජීවිතය පවා අහිමි වීමේ අවදානමකට ගොදුරු වීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස විදුලි සැර වැදී සිහිසුන්ව සිටින පුද්ගලයෙකු ඇල්ලීමට යෑමේදි තමාටත් විදුලි සැර වැදීමෙන් මරණයට පවා ගොදුරුවීය හැක. එම නිසා අනතුරේ ස්වභාවය තේරුම් ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකයක්වේ.

කෙටියෙන්ම සදහන් කළහොත් අප විසින් කළයුතු වන්නේ අනතුර සිදුවු වේලාවේ සිට රෝගියා රෝහලවෙත ගෙනයනු ලබන කාලය අවමකිරීමට උත්සාහ කිරීමය.

හදිසි අනතුරු වර්ග කීපයක්.

  • හුස්ම හිරවීම
  • දියේ ගිලීම
  • ලේ ගැලීම් (බාහිර හා අභ්‍යන්තර)
  • ගිනි ඇවිළීම්
  • විදුලි සැරවැදීම්
  • අකුණුගැසීම
  • විෂවායු ආග්‍රාහණය / විෂ ද්‍රව්‍ය ශරීරගත වීම
  • ඇදුම
  • තුවාල සිදුවීම්
  • අස්ථිබිදීම්
  • මාර්ග අනතුරු
  • සතුන්ගේ දෂ්ඨ කිරීම්
  • ක්ලාන්තය ඇතිවීම
  • හෘදයාබාධ

යනාදිය වේ.

ඉහත සදහන් කර ඇති අනතුරු වල විවිධ ස්වරූප ඇත. එමනිසා අනතුරු වලට අදාළ ප්‍රතිකාරයන් හා කළයුතු දේ /නොකළයුතු දේ වෙනස්වේ. අප විසින් මුලින්ම අදාල අනතුරේ ස්වභාවය තේරුම් ගත යුතුය.

ජානක ජයතිලක


RECOMMEND POSTS