කටාර් හි විදෙස් ශ්‍රමිකයන්ට වෛද්‍ය පරීක්ෂණ



කටාර් හි සේවයේ  නියුතු විදෙස් ශ්‍රමිකයන් සියලු දෙනා ඉතා ඉක්මණින් වකුගඩු පරීක්ෂාවන්ට ලක්කිරීමට එරට වෛද්‍ය කොමිසම තීරණය කර ඇත. 


මෙම වෛද්‍ය පරීක්ෂණවලින් අසමත් වන සියලු විදේශිකයින්ට එරට සේවයේ යෙදීමට හෝ පදිංචියට සුදුසුකම් නොලබනු ඇත. 


ඉදිරියේ දී කටාර් හි පදිංචියට එන හෝ රැකියාවට එන සියලුම විදේශිකයින්ට මෙම පරීක්ෂණ අනිවාර්ය වනු ඇත. එහි දී හෙපටයිටිස් බී සහ සී (සෙංගමාලය), එච්අයිවී, ඒඞ්ස්, ආදී රෝග තත්ත්වයන් පිළිබඳවද පරික්ෂෘවන් සිදුවනු ඇත. 


මේ වන විට මෙම පරික්ෂාවන් සිදුවන අතර දිනකට විදේශිකයන් 3500 ක් පමණ දෙනා පරික්ෂණවලට සහභාගි වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. 


 එරටට පැමිණෙන විදේශ සංචාරකයින් මෙන්ම ශ්‍රමිකයන් එරටට පිවිසිමේ දී ඔවුන් වෛද්‍ය පරික්ෂාවකට ලක් කිරීමෙන් එරට තුළ රෝග පැතිරීමේ අවදානම අවම කිරිමේ අරමුණින් බව ද එම වාර්තා සඳහන් කර ඇත. පදිංචි බලපත්‍රය ලබාගැනීමට නම් මෙම පරික්ෂාවට අනිවාර්යයෙන්ම ලක්විය යුතුවේ. 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS