ඔබේ බර උසට සරිලනවාද



සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් ගත කිරීම සදහා උසට සරිලන බරක් පැවතීම ඉතා වැදගත් වේ. නිසි උස හා බර ඔබේ පෝෂණය හා පෞරුෂය ද  සකේතවත් කරන්නකි.

ඔබට උසට සරිලන බරක් පවතින්නේද යන්න පහත ක්‍රමවේදය  අනුව සොයාගත හැක.

පළමුව ඔබේ උස මීටර්වලින් සහ බර මැන ඉන්පසුව බර ලෙස ලැබෙන අගය උස ලෙස ලැබෙන අගයෙන් බෙදිය යුතුය. එයින් ලැබෙන අගය ඔබේ ශරීර ස්කන්ධය හෙවත් BMI අගය වේ.

එම අගය,  

18.5 ට අඩු නම් ඔබගේ බර පැවතිය යුතු දේහ බරට වඩා අඩුය.

18.5 සහ 25 අතර වේ නම් ඔබට හිතකර දේහ බරක් පවතී.

25ත් 30ත් අතර නම් ඔබට නියමිත බරට වඩා වැඩි බරක් ඇත. එසේ නම් ඔබ බර අඩු කර ගත යුතුය.

30ට වැඩි නම් ඔබ ස්ථුලතාවයෙන් පෙළෙන අතර ඔබ ඔබේ බර අඩු කරගත යුතුවම ඇත. නිවැරදි සැලසුමක් තුළින් බර අඩුකරගැනීම සදහා පහත සදහන් ක්‍රම අනුගමනය කළ හැක.

 

*පෝෂණ අවශ්‍යතා සපුරාගනිමින් ආහාර මගින් ලබාගන්නා ශක්තිය පාලනය (තෙල් හා සීනි අඩු ආහාර තෝරාගැනීම)

* වේගවත් බර අඩුකරගැනීමක් වෙනුවට ක්‍රමවත්ව බර අඩුකරගැනීම. (සතියකට කිලෝ ග්‍රෑම් 0.5 සිට 1 දක්වා දේහ බර අඩුවීමක් හිතකර වේ)

*  දිනපතා සිරුරට අවශ්‍ය ව්‍යායාමවල නිරතවන්න.

* ඔබේ ආහාරවේල තුළ රනිල, ධාන්‍ය, එළවළු සහ පළතුරු සඳහා ප්‍රධාන තැනක් දෙන්න.

* පැණි බීම, අයිස්ක්‍රීම් ආදී නිසරු ආහාර සීමා කරන්න.

* අධික ලෙස සීනි අඩංගු ආහාර හා මධ්‍යසාර සීමා කරන්න.

* අඩුම වශයෙන් දිනකට ජලය ලීටරයක්, 1ත් 5ත් අතර ප්‍රමාණයක් පානය කරන්න.

* හොඳින් විකා සෙමින් ආහාර ගන්න.

* දවසේ ප්‍රධාන ආහාර වේල් තුන මග නොහරින්න.

* තෙලෙන් බදින ලද ආහාර සීමා කරන්න.

* කුසගින්න මැඩ පැවැත්වීම සඳහා අමතර කෙටි කෑම වර්ග නොගෙන ඒ වෙනුවට ජලය හෝ දියර සුප් පානය කරන්න.

 

 ශරීරයේ බර පාලනය සදහා අවශ්‍ය ව්‍යායාම ආදියේ යෙදීමට ඔබට කාලය සොයාගැනී‍ම අපහසුනම් එදිනෙදා ජීවිතයේ කටයුතු අතරතුරදිම කැලරි දහනය කිරීමේ පහසු ක්‍රම පවතී.

      * විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කරන්න.

* ඔබ බස්රථවල ගමන් කරන්නේ නම් යා යුතු ස්ථානයටම බසයෙන් යනවා වෙනුවට නියමිත ස්ථානයට පෙර බසයෙන් බැස ඉතිරි දුර පයින් යන්න.

* දිනකට මිනිත්තු 30ක්වත් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම ආදී ව්‍යායාමවල යෙදෙන්න.

* ඔබේ ගෙවතතේ තණකොළ කැපීමේ කටයුතු ආදිය ඔබම කරගන්න.

* ගෙබිම සෝදන්න.

* ඔබේ රෙදි ඔබම සෝදාගන්න.

මෙම ක්‍රම අනුගමනය කර නියමිත බරට ළඟාවිය හැකි අතර ඉන් පසු යළිත් පැරණි ආහාර රටාව අනුගමනය නොකර ලබාගත් බර හා සෞඛ්‍ය තත්ත්වය ඒ අයුරින්ම පවත්වා ගැනීම වැදගත් වේ.

  සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන

සැකසුම - ඩයනා උදයංගනී


RECOMMEND POSTS