හොර පාරෙන් රට යැවූ බිරිද ගෙන්වා දෙන්නැයි ඒජන්සිකරුට නියෝග කරන ලෙස සැමියා ජනාධිපතිගෙන් ඉල්ලයි



බාල වයස්කාර දරු දෙදෙනෙකු සිටින තම බිරිද ව්‍යාජ ලේඛන මත  හොර රහසේ විදේශ ගත කර ඇති තම බිරිද ගෙන්වා දෙන්නැයි බදුල්ල සුමනතිස්සගම පදිංචිරුවෙක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි. 

බදුල්ල සුමනතිස්සගම අංක 33 නිවසේ පදිංචි පී මේඝනාදන් මහතා මෙම ලිපිය යවා ඇත. 

හත් හැවිරිදි හා සිව් හැවිරිදි දරුවන් දෙදෙනෙකු තමන්ට සිටින අතර බිරි`දට විදේශ ගත වීමට සුදුසුකම් ඇති බවට පවුල් පසුබිම් වාර්තාව ලැබුණේ කෙසේ දැයි තමන් තවමත් සොයා බලන බව ද ඔහු විසින් යවන ලද ලිපියේ ස`දහන් වේ. 

තම බිරි`ද හොර රහසේ විදේශ ගත කරන ලද ඒජන්සිය සොයා ගොස් බිරි`ද ගෙන්වා දෙන මෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් ඒ ස`දහා රුපියල් ලක්ෂ අටක් ඉල්ලා සිටින බවත් සදහන් කර ඇති  ඒ මහතා කුලී වැඩ කරන තමන්ට එවැනි මුදලක් කිසිසේත්ම සොයා ගත නොහැකි බැවින් ඇය ගෙන්වා දෙන ලෙස ඒජන්සියට දන්වන්නැයි ද ඉල්ලා ඇත.

මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශයට ද දන්වා සහනයක් පැතූ නමුත් කිසිදු සෙතක් නොවූ බැවින් තම  දරුවන් දෙදෙනා ගාන සළකා බලා බිරිද මුදවා දෙන මෙන් ඉල්ලා සිටින බවද එහි සදහන්වේ.

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS