සෞදි ජාතිකයින්ට ලංකාවෙන් පිටව යන්නැයි දැනුම් දෙයි



මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස්  ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි සේවාව නිවේදනය කර ඇත.

ඉකුත්  පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව ගල්ෆ් නිව්ස් සේවය වාර්තා කර සිටී.

ඉදිරියේදී මෙරට තුල ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායම් විසින් යලිත් වරක් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයෙන් පසු සවුදි තානාපති කාර්යාලය වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට පියවර ගෙන ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්වේ.
( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS