ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩ සටහන අද කින්නියා හි දී



විදේශ රැකියා අමාතංශය සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ව සංවිධානය කරන ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩ සටහන අද (02) කින්නියා සහ මුත්තුර් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවල දී පැවැත්වේ.

අද පෙරවරු 9.00 සිට 11.00 දක්වා කින්නියා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී මෙම ජංගම සේවය පැවැත්වෙන අතර පස්වරු 1.00 සිට 4.00 දක්වා මුත්තුර් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. 

හෙට (03) පෙරවරු 9.00 සිට 11.00 දක්වා තඹලගමුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීද පස්වරු 1.00 සිට 4.00 දක්වා කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද මෙම ජංගමසේවය පැවැත්වෙන බව විෙිද්ශ රැකියා අමාත්‍යංශය කියයි. 

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS