ශ්‍රී ලංකාවේ ආසාදිතයෝ ගණන 28 ක්



ශ්‍රී ලංකික කොරෝනා ආසාදිත තවත් රෝගින් 6 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත.

එම ආසාදිතයන් සියලුම දෙනා පිරිමි පුද්ගලින් වන අතර එක් අයකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි.

හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් බවත් අනෙක් තැනැත්තා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයකු බවත් පැවැසෙයි.

ඒ අනුව, මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 28 කි.


RECOMMEND POSTS