විදේශ කටයුතු ඇමැති: ආචාර්ය සරත් අමුණුගම



නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා එම අමාත්‍ය ධුරයේ වැඩ භාරගන්නා ලදී.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබූ අතර එම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු කරනු ලැබූ වත්මන් සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි නව අමාත්‍යවරයා පිළිගනු ලැබූ අතර සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය අමුණුගම මහතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය අමතන ලදී.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS