ව්‍යාජ ලේඛන සකස් කරලා



තානාපති කාර්යාලයෙන් සකස් කර දෙන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර දීමේ ජාවාරමක් කුවේට් හි ක්‍රියාත්මක වන බැවින් ඊට අසු නොවන්නැයි  කුවේට් ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලීමක් කරයි.

අදාළ පුද්ගලයා හැර වෙනත්  කිසිවෙකුට ගමන් බලපත්‍ර නිකුත් නොකරන බැවින් වංචාකාර පුද්ගලයින්ට මුදල් ගෙවා අමාරුවේ නොවැටෙන්නැයි තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට අවවාද කරයි.

එමෙන්ම දැනට ක්‍රියාත්මක පොදු සමා කාලය පිළිබඳව කිසිදු පිටස්තර තැනැත්තෙකුගෙන් අපදෙස් ලබා ගැනීමෙන් වළකින මෙන් තානාපතිකාර්යාලය තව දුරටත් උපදෙස් දෙයි.

පොදු සමා කාලය නිමවන මේ මස 22 දක්වා සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 8 දක්වා විවෘතව තබන බැවින් අවශ්‍ය කටයුතු සඳහා එහි පැමිණ විමසන මෙන් ද එම කාර්යාලය ඉල්ලීමක් කරයි.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS