ව්‍යාජ තොරතුරු ඉල්ලුම්පත්



උසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලුම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය සඳහන් කර ඇතැයි රේඩියෝ නිව්සීලන්ඞ් වාර්තා කළේය.

2018 වර්ෂයේ ජනවාරි මසයෙදි මෙම තොරතුරු හෙළි වන අවස්ථාව වන විට පමණක් ශ්‍රි ලංකීක සිසුන්ගේ ඉල්ලුම්පත් 88ක් තිබි ඇති අතර ඒ අතුරින් 83ක්ම ව්‍යාජ තොරතුරු ඇතුලත් ඉල්ලුම්පත් බව හෙළි වී ඇත.

ඒ අනුව ව්‍යාජ තොරතුරු ඇතුලත් සියළුම ඉල්ලුම්පත්  ප්‍රතික්ෂේප කිරීමට නවසීලන්ත ආගමන බලධාරීන් කටයුතු කළ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු කිරිමේදි ශ්‍රී ලංකාවේ එක් මුල්‍ය සමාගමක් හරහා ව්‍යාජ තොරතුරු ඇතුලත් කර මෙරට සිසුන් විසින් නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා වීසා ඉල්ලුම් කර ඇති බව හෙළි වි ඇත.

නවසීලන්තයේ  උසස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කිරිමේදි එක් සිසුවෙකුගේ බැංකු ගිණුමේ අමෙරිකානු ඩොලර් 15, 000ක් තිබිය යුතු අතර නමුත් මෙම සිසුන් අදාල මුල්‍ය සමාගම හරහා ව්‍යාජ තොරතුරු සකස් කර ඉල්ලුම්පත් සකසා අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

නවසීලන්ත ආගමන කටයුතු භාර අමාත්‍ය ඊයන් ලීස්  ගැලෝවේ මහතා ප්‍රකාශ කරන්නේ දැනට එරට අධ්‍යාපනය හදාර සිසුන් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා නමුත් ඉදිරියෙදි වීසා ඉල්ලුම් කරන සිසුන් සම්බන්ධයෙන් දැඩි ලෙස විමර්ශනය කරන බවය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS