ලාංකියෝ 151 ක් හිරේ



විදෙස් රැකියා සඳහා කුෙව්ටයට  ගිය ශ්‍රී ලාංකිකයන් 151 ක පිරිසක් එරට සිරගෙවල්වල දඬුවම් විඳින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඉකුත් වසර කිහිපය තුළ ඔවුන් අතරින් ෙබාෙහා් දෙනෙක් සිර දඬුවම් විඳින බවත් තවත් පිරිසක් නඩු අසා දඬුවම් දෙන තුරු නොයෙක් සිර කඳවුරුවල වෙසෙන බවත් පැවැසේ.මෙම සිරකරුවන් අතරින්  එරට ෂාරියා නීති උල්ලංඝණය කිරීම් නිසා සිරගත වූවන් වෙති.

මොවුන් වෙනුවෙන් නීති ආධාර සැපයිය හැකි සියලු අවස්ථාවන්හි ඒ සඳහා කටයුතු කිර්ීමට තානාපති කාර්යාල නිලධාරින් කටයුතු කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කෙසේ වෙතත් කුෙව්ටෙය් පවතින ෂාරියා  නීතිය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වැලකී සිටින ලෙසත් එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටි.එමෙන්ම එරට සේවය සඳහා යාමට බලාපොරොත්තු වන්නේ නම් එහි නීතිය පිළිබඳ ඉතා හොඳින් හදාරන්නැයි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS