ලාංකික ගැබිනිය අත්අඩංගුවට



අවිවාහකව ගැබ් ගෙන සිටි  ශ්‍රී ලාංකික කාන්තාවක් නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය විසින් එම  ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

පසුගිය සති අන්තයේදී මෙම ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන අතැයි වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුවේටයේ ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.ඇය කලක් තිස්සේ එරට ගෘහසේවිකාවක වශයෙන් සේවය කරනු ලැබූ අයෙක් බැව් පැවසේ.

කුවේටයේ සිටන ජොර්දාන ජාතික හාම්පුතෙකුගේ නිවසක ගෘහසේවයේ නිරත වී සිටි මෙම අවිවාහක කත ඉකුත් 08 වැනිදා එම හාම්පුතුගේ නිවසේ නානා කාමරයක් තුළඳී දරුවෙකු ප්‍රසූත කිරීමට උත්සාහ කර ඇති නමුත් දරුවා බිහි කිරීමේ ඇතිවී සංකූලතා මත දැඩි සේ බියට පත්වූ ඇය උදව් ඉල්ලා කෑ ගසා ඇත.

සිය ගෘහසේවිකාව මර හඩදී කෑගසන අයුරු ඇසී බියට පත් ජෝර්දාන හාම්පුතා විසින් ඒ බව කුවේට් වෛද්‍ය සේවා හදිසි ඇමතුම් සේවයට දැනුම් දී ඇත.ඉන්පසු වෛද්‍ය සේවා නිලධාරීන් විසින් එම ලාංකික ගෘහසේවිකාව එරට මුබාරක් රෝහල වෙත ඇතුළත් කර ඇත.

එලෙස එස කාන්තාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය සති අන්තයේදී කුවේට පොලීසිය විසින් ඇයව සිය බාරයට ගෙන ඇත. ඇයගේ හාම්පුතු විසින් පොලීසියට දන්වා ඇත්තේ ඇය අවිවාහක අයෙකු වන බවය.

අවිවාහකව සිටියදී නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම ලාංකික ගෘහසේවිකාවට එරෙහිව කුවේට පොලීසිය විසින් එරට අධිකරණය හමුවේ නඩුවක් පැවරීමටද පියවර ගෙන ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග පවසයි.කුවේටයේ පවතින ෂාරිය නීතිය යටතේ අවිවාහක ගැබ් ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS