යළි විදේශගත වෙද්දී සල්ලි ගන්න එපා



විදේශගත ශ්‍රී  ලාංකිකයන් මවිබිමට පැමිණ යළි විදේශගත වෙද්දී රජය අය කරන රුපියල් 17500 ක මුදල අය නොකරන්නැයි එතෙර අපි සංවිධානය රජයට බල කරයි.

කලින් සිටි රැකියාව වෙනස් කර වෙනත් රැකියාවකට යන බැවින් එසේ මුදලක් අය කරන බව පවසතත් එය අසාධාරණ ක්‍රිියාවක් බවයි එතෙර අපි සංවිධානය පවසන්නේ.

සුනිල් හඳුන්නෙත්ති මහතචා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහි දී තවදුරටත් අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ විදේශගත ශ්‍රී ලාංකිකයින් විවාහයකට අවමගුලකට මෙරටට පැමිණ නැවත විදෙස් ගතවනවිට මෙවැනි විශාල මුදලක් ගුවන්තොටුපොළේදී අයකිරීම නිසා ඔවුන් බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින  බවත් ඒ නිසා මෙය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකරසිටින බවත්ය. නවා.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS