මෝටර් රථයෙන් පනින්න හදලා



ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකින් පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ දැරූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සාජා පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන  අැතැයි තානාපති අාරංචි මාර්ග සදහන් කරයි

අත්අඩංගුවට පත්ව ඇත්තේ 47  හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ඇය වසර 10කට අධික කාලයක් සාජා හි අදාළ නිවසේ සේවයේ නිරතව සිට ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව ඇය සේවය කළ නිවසේ හිමිකරුට අයත් මෝටර් රථයෙන් පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ දරා ඇති බව ඒම අාරංචි මාර්ග  වාර්තා කළේය. ඒම අවස්ථාෙව් පකිස්ථාන ජාතික රියදුෙරකු විසින් ඒම රථය පදවා අැති අතර ෙමම ලාංකික කතට ෂවර්මා නැමැති ෙකටි අාහාරයක් ගැනීමට අවශ්‍ය වී අැතිවී අැතත් රියදුරු විසින් ඒය වළක්වාලීම නිසා අැය ෙමලස දිවි හානි කර ගැනීමට රථෙයන් පැන අැතැයිද සදහන් වෙයි.

මෝටර් රථයේ රියදුරු සමඟ අසල පිහිටි වෙළදසැලකට ගමන් කරමින් සිටියදී රථය යම් ස්ථානයක නතර කරන ලෙස ඇය රියදුරුට දැනුම්දී තිබුණ ද රියදුරු එය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් මත  ඇය මෝටර් රථයෙන් පැන ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වූ කාන්තාව එම මෝටර් රථයෙන්ම රැගෙන ගොස් රෝහල් ගත කිරිමට අදාළ රියදුරා කටයුතු කර ඇති බවද සදහන්ය.

කෙසේවෙතත් සියදිවි හානි කර ගැනිමට උත්සහ දැරිමේ චෝදනා මත ඇය සාජා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS