බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සහාය



මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් පොරොන්දු මේවන විට ඉටු නොකිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වලට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් ගෝලීය දෙමළ  සංසදය , වි.රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් සංක‍්‍රාන්ති ආණ්ඩුව මෙලෙස ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වූ පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට විරෝධය දැක්වීම සඳහා දෙමළ ගෝලීය සංසදය හා දෙමළ සංක‍්‍රාන්ති ආණ්ඩුව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඉකුත්දා එරට පාර්ලිමේන්තු කමිටු කාමර 10 දී බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සොයිබන් මැක්ඩොනාහ් හමුවී සාකච්ඡුා පවත්වා ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම සාකච්ඡුාවට ගෝලීය දෙමළ සංසදයේ එස්.යෝගලිංගම්, දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති ආණ්ුඩවේ අමාත්‍යවරයෙකු වන අම්බානි සීවරත්නම් ද සහභාගි වී ඇති අතර  දෙමළ ඊලාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ අගමැති යැයි පවසන වී. රුද්‍රකුමරන් ස්කයිප් වීඩියෝ තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වී ඇතැයි පැවසේ.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් පොරොන්දු මේවන විට ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයා සමඟ දීර්ඝ සකච්ඡුා පවත්වා ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS