බිරිඳට පිහියෙන් ඇනලා



කුවේටයේ ශ්‍රීලාංකිකයෙක් සිය බිරිඳට පිහියෙන් ඇණ ඔවුන් ජීවත් වූ මහල් නිවාසයෙන් බිමට පැන දිවි හානි කර ගෙන ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස දිවි හානි කර ගෙන ඇත්තේ කුවේටයේ හවාලි ප්‍රදේශයේ කාලයක සිට පදිංචිව සිටි ලාංකිකයෙකි.

ඊයේ (03) මෙම ලාංකිකයා සිය බිරිඳ සමඟ ඇති කර ගත් බහින්බස් වීමකින් පසුව ඇය පිහියකින් ඇණ ඇති අතර ඉන්පසුව ඔහු ඔවුන් ජීවත් වූ

මහල් නිවසේ නවවැනි තට්ටුවෙන් බිමට පැන දිවිහානි කර ගෙන ඇති බව කුවේට් පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

දිවි හානි කර ගැනීමට පෙර මෙම ලාංකිකයා තම බිරිඳ අතර දරුණු ගැටුම් ඇති වී අතර ඉන් දැඩි ලෙස කිපුණු ඔහු සිය බිරිඳට කිහිපවරක්ම පිහියෙන් ඇන ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

මෙම ලාංකිකයා සිය බිරිඳ සමඟ නිරන්තරයෙන් අඬදබර කරමින් , ඇයට නිතර තාඩන පිඩන එල්ල කරන පුද්ගලයෙකු යැයි අසල්වාසීන් කුවේට් පොලීසියට පවසා ඇත.ඔවුන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වන හෙයින් එම අඩදබර බේරීමට කිසිදු ඉදිරිපත් නොවූ බවත් පෙන්වා දෙන අසල්වාසීන් එරට පොලීසියට සඳහන් කර ඇත්තේ පසුව බැලීමේදී ලාංකිකයා නව වැනි තට්ටුවෙන් ඇඳ වැටී මිය ගොස් සිටින අයුරු තමන්ට දර්ශනය වූ බවය.

පිහියෙන් ඇනීම නිසා දැඩි තුවාල ලැබූ ලාංකිකයාගේ බිරිඳ එරට මුබාරක් රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලබා ඇති ඇය එම රෝහලේ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ. ඇයගේ නම් ගම් සහ අන්‍යනතාවය තවමත් හෙළි වී නැතැයි පැවසේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS