බහරේනය හා ශ‍්‍රීලංකාව අතර අවබෝධතා ගිවිසුම අලුත් කෙරේ.



බහරේනය හා ශ‍්‍රී ලංකාව අතර පැවති අවබෝධතා ගිවිසුම මේ වන විට යල් පැන ගොස් ඇති බැවින් එම ගිවිසුම යාවත්කාලින කර ගැනීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ.

බහරේන් රාජ්‍යයේ කම්කරු හා සමාජ සම්බන්ධතා අමාත්‍ය ජමීල් හුමෙයිදීන් මහතා හා විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර ඊයේ දින (24) අබුඩාබි සංවාදය අතරතුරදී පැවැති විශේෂ සාකච්ඡාවක දි මෙම එකඟතාව ඇති කර ගැනිණි.

එසේ යාවත්කාලීන කර ගන්නා ගිවිසුමේ දී අවම වැටුප පිළිබඳ තීරණය කිරීමට ද එක`ග වී ඇති අතර, ශ‍්‍රමිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව තීරණ නව ගිවිසුම තුළින් සකි‍්‍රය කිරීමට ද එකඟ වී ඇත. 

මෙහිදී බහරේනයේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට බහරේන් රාජ්‍ය සූදානම් බවත්, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා බහරේන් රටේ හොඳ රැකියා අවස්ථාවන් ඇති බවකිි. 

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ විදේශ රැුකියා ක්ෂේතයේ වර්තමාන තත්වය පැහැදිලි කල අතර, ශ‍්‍රී ලංකාව පුහුණු ශ‍්‍රමිකයින් ලබාදෙන රටක් ලෙස කටයුතු කිරීමට වර්තමානයේදී හැකිවී තිබෙන බවත් විදෙස් ගතවන කාන්තාවන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතිකය සහිත පුහුණුව ලබාදීමට කටයුතු කරන බවත්, කාන්තාවන් සඳහා ලබාදෙන පුහුණුව දින 40ක් දක්වා ඉහළ දමා තිබෙන බවත් සඳහන් පවසා තිබේ. 

 මීට අමතරව බහරේන්හි ගෘහාශ‍්‍රීතව පවතින රැුකියා අවස්ථාවන් වැඩිවශයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට ලබා දෙන ලෙසත් අමාත්‍යතුමිය ඉල්ලා ඇත. 

මෙම අවස්ථාවට විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ රැුකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඩබ්.එන්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු) මංගල රන්දෙණිය යන මහත්වරුන්ද එක්වී සිටියහ. 

 

විනිතා එම් ගමගේ


RECOMMEND POSTS