පැහැරගත් නැවේ ලාංකිකයෝ 8 ක්



ශ්‍රී ලංකික නැවියන් අටදෙනෙකු ගෙන් යුතු ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවට හෙළි වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින් සිදු කළ මූලික විමසීම් වලින් මෙම කරුණු තහවුරු වූ බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම නෞකාවේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොවූ එකක් බවත් , සෝමාලි කොල්ලකරුවන් ගේ අත්අඩංගුවට පත් ලාංකික නැවියන් සහිත එම නෞකාව සම්බන්ධයෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ලබා ගනිමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

නෞකාවේ සිටින බව කියැවෙන ලාංකික නැවියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරැ කිරීම සඳහා නාවික නියෝජිතායන, අදාළ බලධාරීන් හා ශ්‍රී ලංකා දූත මණෟඩල සමඟ සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය තවදුරටත් කටයුතු කරමින් සිටී.

එබැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් නොවන අයුරින් කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ නිවේදනයේ සඳහවන් වේ.

එසේම පැහැර ගැනීමට ලක්වූ නෞකාව ඩුබායි නෞකා සමාගමකට අයත් එකක් බැවින් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය එම ඩුබායි නැව් සමාගම සමඟ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරන බවද විදේශ අමාත්‍යාංශය කියා සීටි.

ශ්‍රී ලාංකික නැවියන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය  වාර්තා කළේය.

ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.

මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන්ට පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.

නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කිය තිබිණි.

කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ. නමුත් මෙම පුවත පිළිබඳ වාර්තා කරන වොයිස් ඔෆ් ඇමෙරිකා පුවත් සේවය පවසන්නේ මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව ගමන් කර ඇති බවය.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS