පාකිස්තානයේ 79 වැනි ජාතික දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක්



පාකිස්තානයේ 79 වැනි ජාතික දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී සෙනසුරාදා (23) පැවැත්විණි. 

මෙහිදි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල්, ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා පාකිස්තාන ධජය එසෙවීය. 

පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම වෙනුවෙන් 1940 මාර්තු 23 වැනිදා “ලාහෝර් යෝජනාව” සම්මත කරගැනීම සහ 1956 මාර්තු 23 වැනිදා ඩොමිනියන් තත්ත්වයෙන් මිදී “පාකිස්තාන ඉස්ලාමීය ජනරජය” පාකිස්තානය ජනරජයක් බවට පත්වීම සිහිපත් කරමින් පාකිස්තානය වාර්ෂිකව මෙම ඓතිහාසික දිනය සමරයි. 

එමෙන්ම මෙම දිනයේදී පාකිස්තාන නිදහස් සටනේ ප්‍රමුඛයන් වන මුහම්මද් අලි ජින්නා ඇතුළු නායකයන් ද සිහිපත් කෙරේ. 

පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා කුඩා දරුවන් පිරිසක් හා එක්ව කේක් ගෙඩියක් ද කැපුවේය. 

කොළඹ පැවැති මෙම විශේෂ උත්සවයට ශ්‍රී ලංකාවේ වෙසෙන පාකිස්තාන ජාතිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.  

ඡායාරූප ඡයමාල් චන්ද්‍රසිරි


RECOMMEND POSTS