නොහොබිනා ක්‍රියාවට සිරදඬුවම්



තම ජංගම දුරකථනයෙන් නිරුවත් කාන්තාවකගේ රුව වීඩියෝ කළ විසිපස් හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට ඩුබායි අධිකරණය මඟින් මාස තුනක සිරදඬුවමකට යටත් කොට ඇත.

එම දඬුවම අවසානයේ ඔහු එරටින් පිටුවහල් කිරීමටද ඩුබායි අධිකරණය නියෝග කර ඇත.

ෆෙස්ටිවල් සිටි හි ඇඳුම් සාප්පුවක ඇඳුම් තෝරා ගැනීම සඳහා ඇඳ බලන කාමරයක ජින්ස් වර්ගයේ කළිසමක්  අඳිමින් සිටිියදී මෙම තැනැත්තා විසින් ඇය රූප ගත කර ඇතැයි ද නැෂනල් වෙබ් අඩවිය කියයි.

මෙම 34 හැවිරිදි එමිරේට කාන්තාව ඇඳුම් ඇඳ බලන කාමරයට ඇතුළු වී එම කළිසම ඇඳ බලන අවස්ථාවේ එහි දොරගුලෙන් ජංගම දුරකතනයක් තමන් දෙසට එල්ල වී තිබනු දැක බියවී ඇති අතර ඇගේ දැනුම් දීම මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකිකයා එම සාප්පුවේ සේවකයෙක් නොවන බවත් මෙම අපරාධය සඳහාම එකී සාප්පුවට ඇතුළු වී ඇති බවත් ඔහුට  විරුද්ධව ලිංගික හිරිහැර කිරීමකට එරෙහිව චෝදනා නගා නඩුව ගොනු කළ බවත් පොලිසිය පැවැසී යැයි ද එම වෙබ් අඩවියේ සඳහන් වේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS