නීති විරෝධී ලෙස රට යන්න හැදූ කත දැලේ



ව්‍යාජ ලෙස සැකසූ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගෙන නීති විරෝධී අන්දමින් විදේශ ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවකට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩ මුදලක් නියම කළේය.

 මෙම කාන්තාව එකී ගමන්  බලපත්‍රෙයන්  විදෙශ ගත වීමට අත්සායහ කළ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත්  කර තිබිණි.  

මෙලෙස දඩ මුදල් නියම වූයේ පුත්තලම එළුවන්කුළමේ අංක 15/50 පදිංචි කාරියක වූ දොඩන්ගොඩ මුදියන්සේලාගේ සදමාලි සෙව්වන්දි නැමති කාන්තාවටය.

අදාළ කාන්තාව නීති විරෝධී අන්දමින් විදේශගත වීමට තැත් කිරීමත්, ව්‍යාජ මුද්‍රා සහිත අවිධිමත් ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තබා ගෙන සිටීමත් යන චෝදනා වලට වරදකරුවකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව මෙම දඩය නියම කෙරිණි.

මෙම කාන්තාව කලකට ඉහතදී  මෙලෙස නීති විරෝධී අන්දමින් විදේශගත වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වී ඇති අතර අදාළ නඩුව දීර්ග කාලීනව සාකච්ඡාවට බදුන් කර අවසානයේ සැකකාරිය විසින්  සිය වරද පිළිගැනීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව පසුගිය 09 වෙනිදා ප්‍රකාශයට පත්කර තිබේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS