නව තානාපතිවරු 10 ක්



මැදපෙරදිග රටවල් ද ඇතුළු රටවල් 10 ක් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුවන් දස දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.

මෙලෙස නව ශ්‍රී ලංකා තානාපතිවරුන් නම් කරනු ලැබ ඇත්තේ තුර්කිය , ඕමානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රාලය , පිලිපීනය , තායිලන්තය, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය  සහ  ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන රටවල් වල් සඳහාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.පත් කිරීම් අතර බහුතරයක් දෙනා  ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීහූ වෙති.

ඒ අනුව තුර්කිය සඳහා රිස්වි හසන් , ඕමානය සඳහා ඕ.එල්.අමීරාජ්වාද් , බහරේනය සඳහා එස්.ඒ.පී.පී.සාරම් , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම්.ජේ.පී.ජයසිංහ, ඊශ්‍රාලය සඳහා එස්.ඩබ්ලිව් විල්පාත, පිලිපීනය සඳහා එස්.කේ. ගුණසේකර, තායිලන්තය සඳහා ජේ.ඒ.එස්.කේ. ජයසූරිය, ඉන්දුනීසියාව සඳහා වයි.කේ.ගුණසේකර , නෙදර්ලන්තය සඳහා සුමිත් නාකන්දල සහ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් කේ.ඩී.සෙනවිරත්න යන මහත්ම මහත්මීහු පත් කර ලැබ සිටිති.

මෙම නව ශ්‍රී ලංකා තානාපතිවරු පත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම් මේවන විට පාර්ලිමේන්තු උසස් නිල තල පිළිබඳ කාරක සභාවට යොමු කර ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS