ද්විත්ව පුරවැසිභාවයට දැඩි ඉල්ලුමක්



ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල උනන්දුවක් දක්වන බව ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

ඒ සඳහා ඔවුන්ගෙන් මසකට අයදුම්පත් 1000ක් පමණ ලැබෙන බවත් ආරක්ෂක අමාත්‍යංශය,විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් එම අයදුම්පත් පරීක්ෂාකොට අනුමත කිරීමෙන් පසු එම අයදුම්කරුවන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවත් ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේය.

එසේ තෝරා ගෙන ඇති අයදුම්කරුවන් 800කට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට ජූලි මුල් සතියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පැවසීය.

විදේශයන්හි ජීවත් වන එම රටවල පුරවැසිභාවය ලැබ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් ලක්ෂ 3කි.

අයදුම්කරුගේ බිරිඳ හො දරුවන් ඒ සඳහා රුපියල් 50,000 බැගින් ගෙවිය යුතුය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS