තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක්



ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්ෂිශුගා නුමා මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් තකේෆමි සුෂෝ මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී පසුගියදා  හමුවිය.

එහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව තානාපතිතුමා සඳහන් කළේය. මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන්ගේ අනාගතයට සවියක් වන බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම නොවැම්බර් මාසයේ අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ. 

 

විනීතා එම් ගමගේ
 

 


RECOMMEND POSTS