ජපානයේ දී අත්අඩංගුවට



ජපානයේ දී බීමතින් පැමිණ කුලී මොටර් රථයක් සොරකම් කිරීමේ චෝදනා යටතේ ශ‍්‍රී ලාංකිකයෙකු එරට පොලිසීය විසින්  අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන  ජැපෑන් ටුඬේ පුවත්පත ඊයේ (31) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූයේ වයස අවුරු 43 ක් පමණ වන ලාංකිකයෙකු වන අතර ඔහු එරට දිගුකාලයක සිට රැුඳී සිටින අයෙකු බව පැවසේ.

මෙම ලාංකිකයා ඉකුත්  28 වැනිදා බීමතින් පැමිණ රියදුරු නොමැතිව මඟ නවතා තිබූ කුලී මොටර් රථයක් අනවසරයෙන් රැුගෙන ගොස් ඇති අතර පසුව ඔහු පසුපස පොලිස් රථ ලූහු බදින අවස්ථාවේදි මෙම පුද්ගලයා මාර්ග නීති කඩ කරමින් එම රථය ධාවනය කර ඇත.

එම අවස්ථාවේදි මාර්ගයේ ගමන් කළ අනෙකුත් රථ වහනවලට හනී සිදු වී ඇති අතර රිය අනතුරු සිදු විම හේතුවෙන් පුද්ගලයින්ට තුවාල ද සිදු වී ඇත.කිලෝ මීටර් 2ක පමණ දුරක් මෙලෙස අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කර ඇති බව අනාවරණය වී ඇත

මෙම සිද්ධියට අදාළව සැකකාර ලාංකිකයා පෙරේදා (30) දිනයේ ජපානයේ ෆුකුඔතා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලී මොටර් රථයක් සොරකම් කිරීම , මාර්ග නීති කඩ කිරිම ,මගීන්ට සහ රථ වහනවලට හනී සිදු කිරිම යන චොදනා ජපන් පොලීසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුට එරෙහිය එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS