ජපන් අගමැතිට ඉක්මන් සුව පතයි



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෂින්සෝ අබේ ඉකුත් දා ජපාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ තැනැත්තා ද වේ.

‘‘මගේ මිත්‍ර ෂින්සෝ අබේ. ඔබට මා සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔබ ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ සුවිශේෂි මිත්‍රත්වය නිසාම අපේ ජාතීන් දෙක අතර පැවැති සබඳතා අන් කවරදාකටත් වඩා ශක්තිමත් වුණා’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයට පිළිතුරු ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

‘‘ඔබේ උණුසුම් පණිවුඩයට සුබපැතුම්. අප දෙරටේ ද්විපාර්ශවීය සබඳතා ඉදිරියටත් ශක්තිමත් වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඔබ අඛණ්ඩව දුන් සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙනවා’’ යැයි එහි දැක්විණි.


RECOMMEND POSTS