ජනපති මුස්ලිම් නායකයන් හමුවෙයි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා ඇති මුස්ලිම් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

තුර්කිය, මැලේසියාව, පකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව, සවුදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය සහ ඕමානය යන රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩයනා උදයංගනී
ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශයෙනි

 


RECOMMEND POSTS