කොරියානු විභාගයේ ප්‍රතිඵල හෙට



කොරියානු රැකියාවලට සුදුසුකම් ලැබීමේ භාෂා ප්‍රවීනතාව සඳහා 2017 වසරට අදාලව පසුගියදා පැවැත්වු විභාගයේ ප්‍රතිපල හෙට (8) හෝ ආසන්නම දිනෙක නිකුත් වීමට  නියමිත යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම විභාගයේ ප්‍රතිපල කාර්යංශ වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇතැයි එම කාර්යංශය කියයි.

විභාගය සමත් වීමෙන් සුදුසු කම් සපුරා ඇති අයදුම්කරුවන් සඳහා වන නිපුණතා පරික්ෂණය මේ මස 19 වැනිදා සිට 22 දා දක්වා පවත්වනු ලබන අතර ඒ පිළිබඳ තොරතුරු ද එම වෙබ් අඩවියට පිවිසී බලාගත හැකි බව ද කාර්යංශය නිවේදනය කරයි. 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS