එඩ්වඩ් කුමරුගේ පිළිගැනීමේ විස්තර අසත්‍යයි



හැත්තෑ වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වුණු මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය එඩ්වඩ් කුමරු පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු බවට කරුණු කිහිපයක් ඇතුළත් කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වන ප්‍රචාර අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විශේෂයෙන්ම දැනට සංසරණය වෙමින් පවතින " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය  සහ  මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය  ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

බ්‍රිතාන්‍ය රාජකියයන් පිළිගැනිමේ කමිටුව“ නැමැති කමිටුවක් විසින් නිකුත් කර ඇති අදාළ ප්‍රකාශය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විවිධ පුද්ගලයින් විසින් පළ කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS