එක්සැවේටර් පුහුණුවක්



කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් එස්කැවේටර් පාඨමාලාවක් ආරම්භ කිරීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සැලසුම් සකස්කර ඇතැයි වාර්තා වේ.

කොරියාවේ වීසා කාලය අවුරුදු 03ක් සම්පූර්ණ නොකළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා පමණක් මෙම පාඨමාලාව පැවැත්වෙන අතර ආහාර සහ ගමන් ගාස්තු සමඟ දිනකට වොන් 14000 ක් ගෙවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය දන්වා ඇත.

පාඨ මාලාව අවසානයේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය  මඟින් පිරිනැමෙන විශේෂ ප්‍රවීණතා සහතියක් හිමිකර ගැනීමේ හැකියාව ද හිමිවේ.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS