ඇනකොන්ඩා දෙන්නෙක් ඉන්දියාවට



ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් හි චාමරජෙන්ද්‍ර සත්වෝද්‍යානයට  කොළ පැහැති ඇනකොන්ඩා යුවලක් ශ්‍රී ලංකාවෙන් සත්ව හුවමාරු වැඩසටහන යටතේ යවා ඇත.

අවුරුදු හතරක් තරම් වයසැති මෙම ඇනකොන්ඩා යුවල අඩි හයක් හා අටක් අතර දිගැතිය. කිලෝ ග්රූම් 15 බරැතිය. ඔවුන් මෙම වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාවෙන් යවා ඇත්තේ වසර හයකට පසුවය.

28 වැනිදා ශ්‍රී ලංකාවෙන් බැංගලෝරය වෙත යවනු ලැබු එම ඇනකොන්ඩා යුවල 29 වැනිදා මයිසුර් වෙත යවා ඇත.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS