ආපසු ගෙන්වා ගන්නැයි ඉල්ලීමක්



මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානය වෙනුවෙන් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් මෙරට රජයෙන් මෙම ඉල්ලීම කරන බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබුණි.

එක්සත් ජාතීන්ගේ  මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවසුවේ මහ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා සමඟ කටයුතු කිරිමට නියමිත බවය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තාවීමත් සමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS