ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය ප්‍රමුඛ කාර්යයක්



ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කර ඵලාදයී සහ පෞඪ පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යයක් බව එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා නිව්යෝක් නුවර දී ඉකුත් දා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ළමයින් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ ආරියා රීතියේ රැස්වීම අමතමින් එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ඉකුත් දා (29) ඒ බව පැවැසීය.

ගෙළ වටා සයනයිඩ් කරළ පැලදී දරුවන් ඵලාදයී සහ පෞඪ පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යයක් ඊට අමතරව ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් හෙතෙම කීය.

එම රැස්වීම ඇමතූ එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා මෙසේ ද කීය.

‘‘ළමා සොල්දාදුවන් සියලු දෙනාම (594 දෙනකු) පුනරුත්ථාපනය කර නැවත ඔවුන්ගේ පවුල් සමඟ එක් කර තිබෙනවා. බලහත්කාරයෙන් බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපනය අඩාල වූ සහ යළි විධිමත් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන පිරිස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේ අනුව හිටපු ළමා සොල්දාදුවන් බොහෝ පිරිසක් ජාතික මට්ටමේ විභාගවලට සහභාගී කරවා තිබෙනවා. ඉන් ළමයින් 11 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනි සිටියා. ඉන් තිදෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වී තිබෙනවා. තවත් බොහෝ දෙනකු වෘත්තීය පුහුණුව ලබා තිබෙනවා. තවත් පිරිස් එලෙස වෘත්තීය පුහුණුව ලබා අර්ථවත් රැකියාවල නිරත වෙනවා’’. 


RECOMMEND POSTS