මෝදි එනවා



දෙවන ධුර කාලය වෙනුවෙන් තේරී පත්වූ  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හදිසි සංචාරයක් සඳහා ලබන මස මුල් සතියේදී මෙරටට පැමිණෙනු ඇතැයි තානාපති ආරංචි මාර්ග වාර්තා කර සිටී.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන මස 07 වැනිදා සිට 08 වැනිදා මාලදිවයිනේ නිල සංචාරයට බලා යන අතරවාරයේදී ලංකාවට පැමිණෙන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන්  කර ඇත්තේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර ලබන 9 වැනිදා මෙරට සංචාරය කිරීමටද සැළසුම් කර ඇති බවයි.

මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය පසුගිය දා පැවති අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සහභාගී වූහ.
(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS