හවුති ගරිල්ලා පාලන ප්‍රදේශයේ කොරොනා ආසාදිතයන්
යේමනයේ හවුති ගරිල්ලා පාලනය යටතේ ඇති ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි එම සංවිධානයේ ප්‍රකාශකයකු අද (09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව එම ප්‍රදේශවලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දෙදෙනෙකි.
යේමන රජය සිකුරාදා (08) කියා සිටියේ මේ දක්වා රජයේ පාලනය යටතේ ඇති ප්‍රදේශවලින් ආසාදිතයන් නම දෙනකු සහ මරණ දෙකක් වාර්තා වූ බවයි. ඒ අනුව රජයේ පාලන ප්‍රදේශයේ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 07ක් වන අතර මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් ගණන 34කි.