සුරාසැල් විවෘත කරන්නේ නෑ



ජන ජීවිතය සම්පූර්ණයෙන් ම යථාතත්ත්වයට පත්වන තුරු සුරාසැල් විවෘත නොකිරීමට රජය තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් එස්.බෝදරගම මහතා පවසයි.

මින් ඉහත අවස්ථාවල දී ඇඳිරිනීතිය ඉවත්කළ විට සුරාසැල් විවෘත කිරීමට රජය පියවර ගත්ත ද එහි දී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය නොකර සුරාසැල් වෙත පැමිණීම හේතුවෙන් යළි වසා දැමීමට තීරණය කෙරිණි.

සඳුදා (11) කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සියලු දිස්ත්‍රික්ක කොන්දේසි සහිතව යළි විවෘත කළ ද එදින සුරාසැල් විවෘත නොකිරීමට තීරණය කළ බව බෝදරගම මහතා වැඩිදුරටත් පැවසීය.


RECOMMEND POSTS