රටවල් තුනකින් ශ්‍රී ලංකාවට එන්න බෑ



ගෝලීය වසංගතයක් වී ඇති කොරෝනා ශ්‍රී ලංකාවේ තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ඇතැම් රවටලින් පැමිණෙන කිසිදු ගුවන් මගියකුට රටතුළට ඇතුළුවීමට ඉඩ නොදීමට තීරණනය කර ඇත.

මේ අනුව කටාර්, බහරේන් සහ කැනඩාව යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට අද (17) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදී තහනමක් පණවන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

මීට පෙර පැමිණීම තහනම් කළ රටවල් 14ත් සමඟ දැනට රටවල් 17කින් මෙරටට ගුවන් මගීන් පැමිණීම තහනම් කර තිබේ. 

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසන්නේ මෙම තහනම ඉදිරි සති දෙකක කාලයට බලපැවැත්වෙන බවයි. 


RECOMMEND POSTS