බෙලිඅත්තෙන් කොළඹට දුම්රියේ එක මගියයි



මාස එකහමාරක පමණ කාලයකට පසු අද බෙලිඅත්ත සිට කොළඹ බලා දුම්රියක් ගමන් කළ ද එහි ගමන් කිරීම සඳහා පැමිණ සිටියේ එක් මගියකු පමණි. දුම්රිය අද (11) අළුයම 5.00 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කළේය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ කාර්යාල සේවකයන් වෙනුවෙන් මෙම දුම්රිය ධාවනය කළ අතර එහි ගමන් කිරීමට මගීන් තිදෙනකු ලියාපදිංචි වී සිටි බවයි. එසේ වුව ද ලියාපදිංචි නොවූ පුද්ගලයන් කිහිප දෙනකු දුම්රියේ ගමන් කිරීමේ අපේක්ෂාවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ සිටිය ද ඔවුන් හරවා යැවිණනි.

දුම්රියේ ගමන් කළ මගියාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් පසු ඔහුට වෙන්කර තිබූ ආසනයේ වඩාවීමට අවස්ථාව ලබාදුන් අතර හමුදා නිලධාරීන් ද මගීන්ගේ ආරක්ෂාවට යොදවා තිබිණි.


RECOMMEND POSTS